#1 Agriculture Radio Station in Sri Lanka | Powered by Farm Broadcasting Service - Department of Agriculture

දැක්ම

කෘෂිකාර්මික කටයුතු වලින් උපරිම නිෂ්පාදනයක් ලබා ගැනීම උදෙසා අත්‍යවශ්‍ය වන කෘෂිකර්ම තාක‍ෂණයන් සහ ප්‍රායෝගික වත්පිලිවෙත් පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීමේ ප්‍රධාන විද්‍යුත් ජනසන්නිවේදන මාධ්‍ය ඒකකය බවට ගුවන් විදුලි ගොවි සේවාව පත් කිරීම.

 

මෙහෙවර

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, විවිධ පර්යේෂණ ආයතන මඟින් ඉදිරිපත් කරන නව සොයා ගැනීම් හා නිර්දේශවලට අදාල තොරතුරු ගොවි ජනතාව වෙත ඉදිරිපත් කරමින්, ඔවුන්ට අවම නිෂ්පාදන වියදමකින් උපරිම ආදායමක් ලබා ගැනීම සඳහා වඩාත් සමීප ආකර්ෂණීය හා ගොවි ජනතාවට පහසුවෙන් වටහා ගැනීමට හැකි කෘෂිකාර්මික වැඩසටහන් නිෂ්පාදනය කොට ගුවන් විදුලිය ඔස්සේ නිතිපතා ප්‍රචාරය කිරීම.